සූරා 21 · ජුස් 17
Al-Anbiya · 21:39
لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَنْ وُجُوهِهِمُ النَّارَ وَلَا عَنْ ظُهُورِهِمْ وَلَا هُمْ يُنْصَرُونَ
ප්රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ කොඳු (නිරා) ගින්නෙන් ඔවුනට වළකාගත නොහැකි එමෙන්ම ඔවුනට උදව් කරනු නොලබන අවස්ථාව ගැන දැන සිටියා නම්!
තෆ්සීර්
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හෙළා දකින දේව ප්රතික්ෂේපකයින්, අපා ගින්න ඔවුන්ගේ මුහුණුවලින් හා ඔවුන්ගේ කොඳු ගැට පෙළින් ඉවත් නොවන අවස්ථාවේ ඔවුන්ගෙන් දඬුවම වැළැක්වීම සඳහා ඔවුනට උදව් කරන කිසිදු උදව්කරුවකු නොමැති බව ඔවුන් දැන සිටියේ නම්, ඒ ගැන ස්ථීරව විශ්වාස කළේ නම් ඔවුහු දඬුවම ඉක්මන් කරන මෙන් නොපතනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න