සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:91

وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا بِمَا أَنْزَلَ اللَّهُ قَالُوا نُؤْمِنُ بِمَا أُنْزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَاءَهُ وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِمَا مَعَهُمْ ۗ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنْبِيَاءَ اللَّهِ مِنْ قَبْلُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

අල්ලාහ් පහළ කළ දෑ නුඹලා විශ්වාස කරනු යැයි ඔවුන ට පවසනු ලැබූ විට අප වෙත පහළ කරනු ලැබූ දෑ අපි විශ්වාස කරන්නෙමු යැයි ඔවුහු පවසති. එය ට බාහිරින් ඇති දෑ ඔවුහු ප්‍රතික්ෂේප කරති. එය ඔවුන් සමඟ ඇති දෑ තහවුරු කරන සත්‍යයක් ව තිබිණ. එබැවින් “නුඹලා විශ්වාස වන්තයින් ව සිටියෙහු නම් මීට පෙර අල්ලාහ් ගේ නබි වරුන් ව ඝාතනය කළේ මන්දැ” යි අසනු.

තෆ්සීර්

එම යුදෙව්වන් හට: ‘අල්ලාහ් තම රසූල්වරයා වෙත පහළ කළ සත්යය හා මාර්ගෝපදේශය විශ්වාස කරනු’ යැයි පැවසූ විට, ඔවුහු: ‘අපගේ නබිවරුන් වෙත පහළ කරනු ලැබූ දෑ පමණක් අපි විශ්වාස කරමු.’ යැයි පැවසූහ. ඔවුන් සමග වූ දෑ -තව්රාතය- හැර එයට සාපේක්ෂව පිහිටි මුහම්මද් තුමාණන් වෙත පහළ කළ සත්යය ඔවුහු ප්රතික්ෂේප කළහ. ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන් සැබෑ ලෙසින් විශ්වාස කර ඇත්නම්, ඔවුහු අල් කුර්ආනයද විශ්වාස කරන්නට තිබිණ. අහෝ නබිවරය! ඔවුනට පිළිතුරු වශයෙන්: ‘නබිවරුන් ගෙන ආ දෑ නුඹලා සැබෑ ලෙසින් විශ්වාස කරන්නෙහු නම් මීට පෙර එසේ පැමිණි නබිවරුන් නුඹලා ඝාතනය කළේ මන්දැයි ඔවුන්ගෙන් විමසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න