සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:92
۞ وَلَقَدْ جَاءَكُمْ مُوسَىٰ بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ
නියත වශයෙන් ම මූසා පැහැදිලි සාධක සමඟ නුඹලා වෙත පැමිණියේ ය. අනතුරු ව නුඹලා ඔහු(ගියා) ට පසු ව වසු පැටවා (නැමදුම ට) ගත්තෙහු ය. තව ද නුඹලා අපරාධකරුවෝම ය.
තෆ්සීර්
නුඹලාගේ දූතයාණන් වූ මූසා තුමා තම සත්යයභාවය තහවුරු කරමින් පැහැදිලි සාධක සමග නුඹලා වෙත පැමිණියහ. පසුව එතුමා තම පරමාධිපති නියම කළ තැනට ගිය පසු නුඹලා නැමදුම සඳහා දෙවියන් වශයෙන් වසුපැටවා ගත්තෙහුය. අල්ලාහ් පමණක් නැමදුම් ලබන්නට සුදුස්සෙකුව සිටිය දී වෙනත් දැයක් නැමදුමට ගෙන ඔහුට ආදේශ කිරීමෙන් නුඹලා අපරාධකාරයින් වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න