සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:90
بِئْسَمَا اشْتَرَوْا بِهِ أَنْفُسَهُمْ أَنْ يَكْفُرُوا بِمَا أَنْزَلَ اللَّهُ بَغْيًا أَنْ يُنَزِّلَ اللَّهُ مِنْ فَضْلِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ ۖ فَبَاءُوا بِغَضَبٍ عَلَىٰ غَضَبٍ ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُهِينٌ
අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කළ අය ට තම භාග්යය පහළ කිරීම සම්බන්ධ යෙන් ඊර්ෂ්යාවෙන් යුතු ව අල්ලාහ් පහළ කළ දෑ ප්රතික් ෂේප කර ඔවුන් ගේ ආත්මාවන් මිල ට ගත් දෑ නපුරු විය. එවිට ඔවුහු කෝපයෙන් කෝපය ට භාජනය වූහ. තව ද දේව ප්රතික්ෂේපක යින් ට නින්දා සහගත දඬුවම් ඇත.
තෆ්සීර්
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම වෙනුවට තමන්ගේ කොටසක් ද ඒ සමග මුසු කොට හුවමාරුකරගත් අයට නපුරක්ම සිදු විය. දූත මෙහෙය හා අල් කුර්ආනය නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ නිසා ඊර්ෂ්යාවෙන් හා සාපරාධී ලෙසින් අල්ලාහ් පහළ කළ දෑ ප්රතික්ෂේප කොට ඔහුගේ දූත පණිවිඩය ද බොරු කළෝය. පෙර පැවති තෝරාව ඔවුන් විකෘති කිරීම හේතුවෙන් හා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් ඔවුහු අල්ලාහ්ගේ දැඩි කෝපයට ලක් වූහ. මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය හෙළා දුටු ප්රතික්ෂේපකයින් හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නින්දිත දඬුවම් හිමිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න