සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:89

وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ ۚ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِينَ

ඔවුන් සමග වූ දැය සත්‍ය කරවන ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල් හි ඔවුහු එය ට පෙර ප්‍රතික්ෂේප කළවුන් ට එරෙහි ව ජය පතමින් සිටියහ. පසු ව ඔවුන් වෙත ඔවුන් දත් දෑ පැමිණි කල් හි ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් දේව ප්‍රතික්ෂේපකයින් කෙරෙහි අල්ලාහ් ගේ ශාපය අත් විය.

තෆ්සීර්

තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් නිවැරදි පොදු න්යායන්ට සාපේක්ෂව අල්ලාහ් වෙතින් ශුද්ධ වූ කුර්ආනය ඔවුන් වෙත පැමිණි කල්හි. ඔවුන් එය පහළ වීමට පෙර ‘දෙවියන්ට ආදේශ කරන්නන්ට එරෙහිව අපි උදව් කරන්නෙමු. නබිවරයකු එවනු ලබන විට අපි ජය ලබන්නෙමු. එවිට අපි ඔහු විශ්වාස කරන්නෙමු. ඔහුව අනුගමනය කරන්නෙමු.’ යැයි පවසා සිටියහ. නමුත් ඔවුන් මැනවින් හඳුනාගෙන සිටි ගුණාංග හා දැන සිටි සත්යය සමග අල් කුර්ආනය සහ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණි විට, ඔවුහු ඒවා ප්රතික්ෂේප කළහ. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළ බැවින් එම ප්රතික්ෂේපකයින්ට අල්ලාහ්ගේ ශාපය හිමි විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න