සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:79

فَوَيْلٌ لِلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَٰذَا مِنْ عِنْدِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا ۖ فَوَيْلٌ لَهُمْ مِمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمَّا يَكْسِبُونَ

එබැවින් තම දෑත් වලින් ග්‍රන්ථ ය ලියා පසු ව එය සුළු මිලක ට විකුණනු පිණිස මෙය අල්ලාහ් වෙතින් යැයි පවසන අය ට විනාශ ය අත් වේවා! එබැවින් ඔවුන් ගේ දෑත් ලියූ දැයින් ඔවුනට විනාශ ය අත්වේවා! තවද ඔවුන් උපයන දැයින් ද ඔවුන ට විනාශ ය අත්වේවා!

තෆ්සීර්

බොරු ගොතා තම අත්වලින් ලියා පසුව මෙය අල්ලාහ්ගෙන් යැයි බොරු පවසා සිටියවුනට විනාශය හා දැඩි දඬුවම අපේක්ෂාවෙන් සිටියි. ධනය හා නායකත්වය වැනි මෙලොව අල්ප වටිනාකම් සඳහා සත්යය වෙනස් කොට යහමග පිළිපැදීමෙන් වෙනතකට ජනයා යොමු කරන්නට වෑයම් කළෝය. අල්ලාහ් කෙරෙහි එසේ බොරු ගොතා ලියූ ඔවුනට විනාශය හා දැඩි දඬුවම ඇත. එමෙන්ම එය පාදක කොට ගෙන ධනය හා නායකත්වය ඉපැයූ දෑ හේතුවෙන් ද ඔවුනට විනාශය හා දැඩි දඬුවම ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න