සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:80
وَقَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَةً ۚ قُلْ أَتَّخَذْتُمْ عِنْدَ اللَّهِ عَهْدًا فَلَنْ يُخْلِفَ اللَّهُ عَهْدَهُ ۖ أَمْ تَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
තව ද නිරා ගින්න සීමිත දින ගණනක ට මිස අප ව ස්පර්ශ නොකරන්නේම ය යැයි ඔවුහු පැවසූහ. (නබිවරය) පවසනු. (ඒ බව ට) නුඹලා අල්ලාහ් වෙතින් ගිවිසුමක් ගෙන ඇත්තෙහු ද? එසේ නම් අල්ලාහ් ඔහු ගේ ගිවිසුම කිසි විටක කඩ නොකරන්නේම ය. නැතහොත් නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි පවසන්නෙහු ද?
තෆ්සීර්
‘නිරය අප ග්රහණය කරනුයේත් එමෙන්ම නිරයට අපි පිවිසෙනුයේත් දින කිහිපයකට පමණි’ යැයි ඔවුහු ජනයා රවටමින් බොරු පැවසූහ. අහෝ නබිවරය! ඒ සම්බන්ධයෙන් ඔවුන් යම් කිසි බලවත් ප්රතිඥාවක් අල්ලාහ්ගෙන් ලබා ඇත්තේදැ?යි ඔවුන්ගෙන් විමසනු. එසේ නුඹලාට වී නම් සැබවින්ම අල්ලාහ් කිසි විටෙක ඔහුගේ ප්රතිඥාව කඩ නොකරනු ඇත. ඒසේ නැතිනම් නුඹලා අල්ලාහ් කෙරෙහි නොදන්නා දෑ බොරු ගොතා ප්රබන්ධයන් පවසන්නෙහු ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න