සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:78
وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ الْكِتَابَ إِلَّا أَمَانِيَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَ
ඔවුන් අතුරින් ලිවීම ට කියවීම ට නොහැකි (දේව ග්රන්ථ නොලත්) අය ද වෙති. ඔවුහු මනඃකල්පිතය හැර ග්රන්ථ ය පිළිබඳ නොදනිති. තව ද ඔවුන් අනුමාන කරනවා මිසක නැත.
තෆ්සීර්
යුදෙව්වන්ගෙන් පිරිසක් සිටිති. ඔවුන් තව්රාතය පාරායනය කරනු පමණක් මිස ඒ පිළිබඳ දැනුම නොලබති. එය පෙන්වා දෙන කරුණු පිළිබඳ වටහා නොගනිති. ඔවුන්ගේ ප්රධානීන්ගෙන් ලබා ගත් බොරු මිස වෙන කිසිවක් ඔවුන් සමග නැත. ඒවා අල්ලාහ් පහළ කළ තව්රාතය යැයි ඔවුහු සිතති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න