සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:75

۞ أَفَتَطْمَعُونَ أَنْ يُؤْمِنُوا لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللَّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ

ඔවුන් අතුරින් පිරිසක් අල්ලාහ් ගේ වදන්වලට සවන් දී අනතුරු ව එය වටහා ගත් පසු ව පවා ඔවුන් දැනුවත්ව ම එය වෙනස් කරන පිරිසක් සිටිය දී නුඹලා ව ඔවුන් විශ්වාස කරනු ඇතැයි නුඹලා ප්‍රිය කරන්නෙහු ද?

තෆ්සීර්

අහෝ දේව විශ්වාසවන්තයිනි, යුදෙව්වන්ගේ සැබෑ තත්ත්වය හා ඔවුන්ගේ හිතුවක්කාර කම නුඹලා මැනවින් දැනගත් පසුත් ඔවුන් විශ්වාස කරනු ඇතැයි ද නුඹලාට ප්රතිචාර දක්වනු ඇතැයි ද නුඹලා සිතන්නෙහු ද? ඔවුන්ගෙන් ප්රධානීන් පිරිසක් එක්ව ඔවුන් වෙත තව්රාතයේ පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන්වලට සවන් දී එය වටහා ගෙන පසු ව දැන දැනම එහි වචන හා තේරුම විකෘති කළෝය. ඔවුන්ගේ වැරද්දෙහි බරපතලකම ඔවුන් මැනවින් දැන සිටියෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න