සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:74
ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَٰلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً ۚ وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
අනතුරු ව, ඉන් පසු ව පවා නුඹලා ගේ හදවත් ගල් මෙන් තද විය. එසේ නොමැතිනම් ඊටත් වඩා දැඩි ලෙස තද විය. ගල් අතුරින් පිපිරී එමගින් ගංගාවන් ගලන දෑ ඇත. තව ද සැබැවින් ම ඒ අතුරින් පැළී විවර වී එමගින් ජලය පිට කරන දෑ ද ඇත. තව ද සැබැවින් ම ඒ අතුරින් අල්ලාහ් ට බියෙන් ඇද හැළෙන දෑ ද ඇත. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නොසලකා හරින්නෙක් නොවේ.
තෆ්සීර්
මේ පැහැදිලි සාධක හා පැහැදිලි උපදෙස්වලට පසුව පවා නුඹලාගේ හදවත් දැඩි විය. ඒවා ගල් මෙන් විය. ඊටත් වඩා දැඩි විය. ඒවායෙහි තත්ත්වය කිසිවිටෙක වෙනස් වන්නේ නැත. නමුත් ගල් අතර පවා වෙනස්වන සුළු, තත්ත්වයකින් තවත් තත්ත්වයකට වෙනස් වන ගල් ද ඇත. ඒ අතර පිපිරී ගංගා මතු කරන ගල් ද ඇත. මිනිසුන් හා සතුන් ප්රයෝජනයට ගත හැකි පරිදි පැළී මහපොළොවේ ගලා යන්නට සළස්වන දිය උල්පත් මතුකරන ගල් ද ඇත. අල්ලාහ් කෙරෙහි බිය හා ලැදිකම හේතුවෙන් කඳු මුදුනින් වැටෙන ගල් ද ඇත. නමුත් නුඹලාගේ සිත් එලෙස නැත. අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අනවධානියකු නොවේ. ඔහු ඒ ගැන මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න