සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:73
فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا ۚ كَذَٰلِكَ يُحْيِي اللَّهُ الْمَوْتَىٰ وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
එවිට එහි (එළදෙන ගේ) කොටසකින් නුඹලා (මිය ගිය) ඔහු ට ගසනු යැයි අපි කීවෙමු. මියගියවුන් ට අල්ලාහ් ප්රාණය දෙන්නේ එලෙස ය. තවද නුඹලා ට වටහා ගත හැකි වනු පිණිස ඔහු නුඹලා ට ඔහු ගේ සාධකයන් පෙන්වන්නේ ය.
තෆ්සීර්
පසු ව අපි නුඹලාට: ‘නුඹලා කපා හරින්නට නියෝග කළ එම එළදෙනගේ කොටසකින් එම ඝාතනය කරනු ලැබූ තැනැත්තාට ගසනු. එවිට අල්ලාහ් ඔහුට නැවත ප්රාණය ලබා දී ඝාතකයා කවුදැ?යි ඔහු දන්වා සිටිනු ඇත’ යැයි පවසා සිටියෙමු. එවිට ඔවුහු එසේ සිදු කළහ. ඔහු යළි ජීවය ලබා ඔහුගේ ඝාතකයා පිළිබඳ ඔහු දන්වා සිටියේය. මේ මිය ගිය තැනැත්තාට ජීවය ලබා දුන්නාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මියගිය ඇත්තන්ට ජීවය ලබා දෙනු ඇත. ඔහුගේ ශක්තිය තහවුරු කරන පැහැදිලි සාධක ඔහු නුඹලාට ගෙන හැර පාන්නේය. එය නුඹලා වටහා ගෙන අවංකව අල්ලාහ්ව විශ්වාස කරනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න