සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:76

وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ قَالُوا أَتُحَدِّثُونَهُمْ بِمَا فَتَحَ اللَّهُ عَلَيْكُمْ لِيُحَاجُّوكُمْ بِهِ عِنْدَ رَبِّكُمْ ۚ أَفَلَا تَعْقِلُونَ

ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට අපි විශ්වාස කළෙමු යැයි පවසති. ඔවුන්ගෙන් ඇතැම් හු ඇතැමුන් සමඟ වෙන් ව ගිය විට නුඹලා ගේ පරමාධිපති ඉදිරියේ ඔවුන් නුඹලා සමඟ වාද කරනු පිණිස නුඹලා ට එරෙහි ව අල්ලාහ් ජය අත්පත් කර දුන් දෑ නුඹලා ඔවුන ට දන්වන්නෙහු ද යැයි පැවසූහ.

තෆ්සීර්

ඔවුන්ගෙන් ඇතැමෙකු දෙවියන් විශ්වාස කරන්නන් හමු වූ විටෙක ඔවුන් ඉදිරියේ තමන් මුහම්මද් නබි තුමාණන් සත්යය බව පිළිගන්නා බවත් එතුමාණන් ගෙන ආ දූත පණිවිඩය නිවැරදි බවත් ඒ බව තව්රාතය සාක්ෂි දරමින් තිබෙන බවත් පැවසීම යුදෙව්වන්ගේ කූටකම් හා ඔවුන්ගේ කුමන්ත්රණ අතුරින් විය. නමුත් යුදෙව්වන් ඔවුනොවුන් අතර ගැවසෙන විට ඒ ගැන ඔවුන් එකිනෙකා දොස් නගා ගනිති. ඊට හේතුව ඔවුන් පවසන දෑ මුස්ලිම්වරුන් නබිත්වය සත්යය බව පිළිගන්නට සාධකයක් වන බව ඔවුන් හට හැඟී ගිය බැවිනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න