සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:69

قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا لَوْنُهَا ۚ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ صَفْرَاءُ فَاقِعٌ لَوْنُهَا تَسُرُّ النَّاظِرِينَ

එය කවර වර්ණයක (එළදෙනක දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැයි ඔවුහු පැවසූහ. නියත වශයෙන් ම ඔහු එය දකින්නන් සතුට ට පත් කරවන කහ පැහැති එම වර්ණය ද වඩා පැහැදිලි ව පවතින එළදෙනක යැයි ඔහු පැවසීය.

තෆ්සීර්

ඔවුන්ගේ තර්කයේ හා මුරණ්ඩුකමේ දිගටම සිටිමින් මූසාතුමාගෙන් නැවත මෙසේ ප්රශ්න කළෝය. ‘උගේ වර්ණය කුමක්දැයි පැට පැහැදිලි කර දෙන මෙන් ඔබේ පරමාධිපතිගෙන් අසා අපහට දන්වන්නැ”යි පැවසූහ. එවිට මූසා ඔවුන් දෙස බලා සැබැවින්ම ‘එය තද කහ පැහැයෙන් යුත්, ඒ දෙස බලන්නන් පුදුමයට හා සතුටට පත් කරන එකකැ’යි පවසා සිටියහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න