සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:70
قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ إِنَّ الْبَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّا إِنْ شَاءَ اللَّهُ لَمُهْتَدُونَ
එය කවරක් දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධි පතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්න. සැබැවින් ම එම එළදෙන අප ට පැටලවී ඇත. තව ද අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින් ම අපි යහ මඟ ලබන්නන් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
තෆ්සීර්
පසු ව ඔවුන්ගේ හිතුවක්කාරකම තුළ ඔවුන් දිගටම පිහිටමින් මෙසේ පවසා සිටියහ. උගේ ස්වරූපයට අමතර යමක් අපට පැහැදිලි කරන මෙන් ඔබේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්න. සඳහන් කරනු ලැබූ වර්ණනාවන් සහිත එවන් ගවයන් බොහෝමයක් ඇත. ඒ අතරින් නිෂ්චිත ගවයා තෝරා ගන්නට අපි අපොහොසත් වී ඇත්තෙමු. අල්ලාහ් අභිමත කළේ නම් කපන්නට නියමිත එළදෙන වෙත සැබැවින් අප මඟ පෙන්වනු ලබනු ඇතැයි තවදුරටත් පවසා සිටියහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න