සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:68

قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ ۚ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا فَارِضٌ وَلَا بِكْرٌ عَوَانٌ بَيْنَ ذَٰلِكَ ۖ فَافْعَلُوا مَا تُؤْمَرُونَ

එය කවරක් දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධි පතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැයි ඔවුහු පැවසූහ. නියත වශයෙන් ම ඔහු (පරමාධිපති) සැබැවින් ම එය (වයසින්) මුහුකුරා නොගිය ළපටි ද නොවූ ඒ අතර මැදිවියේ පසුවන්නකි. එබැවින් නුඹලා අණ කරනු ලබන දෑ සිදු කරනු යැයි ඔහු පැවසීය.

තෆ්සීර්

ඔවුහු මූසා දෙස බලා: ‘ඔබේ පරමාධිපති කපා හරින්නැයි නියෝග කළ එම එළදෙනගේ ස්වරූපය අපට පැහැදිලි කර දෙන මෙන් අප වෙනුවෙන් ඔබ ඔබේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්නැයි පැවසූහ. එවිට එතුමා: සැබැවින්ම එය වයසින් මුහුකුරා නොගිය ළපටිද නොවූ ඒ දෙක අතර මැදිවියේ පසුවන එළදෙනැකැයි අල්ලාහ් තමන්ට පවසා සිටි බව එතුමා ඔවුනට දන්වමින් ‘එහෙයින් නුඹලාට අණ කළ නියෝගය පිළිපදින්නට නුඹලා යුහුසුළු වන්නැයි පවසා සිටියහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න