සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:67

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُوا بَقَرَةً ۖ قَالُوا أَتَتَّخِذُنَا هُزُوًا ۖ قَالَ أَعُوذُ بِاللَّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ

නුඹලා එළදෙනක කැපිය යුතු යැයි අල්ලාහ් නුඹලා ට අණ කරන්නේ යැයි මූසා තම ජනයා ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹ අප ව විහිළුව ට ගන්නෙහි ද යැයි ඔවුහු පැවසූහ. අඥානයින්ගෙන් කෙනෙකු වීමෙන් මම අල්ලාගෙන් රැකවරණය පතමි යැයි ඔහු (මූසා) කීය.

තෆ්සීර්

සැබැවින්ම නුඹලාට පෙර සිටි තවත් පරම්පරාවක් පිළිබඳ තොරතුරු ගැන ද මෙනෙහි කර බලනු. එය එළදෙනකු කපා හරින්නැයි ඔවුනට මූසා අලය්හිස් සලාම් තුමා දන්වා සිටි විට, ඒ වෙනුවට ඔවුන් නොමනා ලෙස එතුමාගෙන් ප්රශ්න විමසා සිටි සිද්ධියයි. ඔවුහු එතුමාගෙන්: ‘ඔබ අප හාස්යයට ලක් කරන්නෙහුද!’ යැයි විමසා සිටියෝය. එවිට මූසා: ‘අල්ලාහ් වෙත බොරුවක් ගොත පවසන්නන් හා මිනිසුන් හාස්යයට ලක් කරන්නන් අතුරින් කෙනෙකු බවට පත්වීමෙන් මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි’ යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න