සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:64

ثُمَّ تَوَلَّيْتُمْ مِنْ بَعْدِ ذَٰلِكَ ۖ فَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنْتُمْ مِنَ الْخَاسِرِينَ

අනතුරු ව එය ට පසු ව පවා නුඹලා පිටුපෑවෙහු නම් එවිට නුඹලා ට අල්ලාහ් ගේ භාග්‍යය හා ඔහු ගේ කරුණාව නොවී නම් නුඹලා අලාභවන්තයින් අතුරින් වන්නට තිබුණි.

තෆ්සීර්

නුඹලා වෙතින් ගත් එම බලවත් ප්රතිඥාවෙන් පසු, නුඹලා එය පිටුපා ප්රතික්ෂේප කළාක් මිස එය ඉටු කළේ නැත. අල්ලාහ් එය නොසලකා හැර නුඹලාට ආශිර්වාද නොකළේ නම් හෝ නුඹලාගේ පශ්චාත්තාපය පිළිගන්නට ඔහුගේ කරුණාව නොවී නම් එසේ නුඹලා පිටුපා ප්රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා පරාජිතයින් බවට පත්වන්නට තිබුණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න