සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:63
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ
අපි නුඹලා ට ඉහළින් තූර් කන්ද ඔසවා තබා අපි නුඹලා ට පිරිනැමූ දෑ නුඹලා ඉතා බලවත් ලෙස ග්රහණය කර ගනු. තව ද නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස එහි (සඳහන් ව) ඇති දෑ සිහිපත් කරනු යැයි අපි නුඹලාගෙන් ප්රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු.
තෆ්සීර්
අපි නුඹලා වෙතින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන මෙන් බලවත් ප්රතිඥාවක් ගත් අවස්ථාව මෙනෙහි කරනු. එම ප්රතිඥාව ක්රියාත්මක කිරීමට අතහැර දැමීම ගැන නුඹලාට අවවාද කරමින් නුඹලා බියවද්දමින් නුඹලාට ඉහළින් නිශ්චිත කන්දක් අපි ඔසවා තබා, තව්රාතයේ නුඹලා වෙත පහළ කළ කරුණු නොසැලකිල්ලෙන් හා මැලිකමින් තොරව ඉතා උනන්දුවෙන් හා දිරියෙන් යුතුව පිළිපදින මෙන්ද එහි ඇති දෑ ආරක්ෂා කොට ඒ ගැන පරිශීලනය කරන මෙන්ද නියෝග කොට එසේ සිදු කළ විට අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂාව සලසාගත හැකි වනු ඇතැයි අවධාරණය කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න