සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:62
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَىٰ وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
නියත වශයෙන් ම විශ්වාස කළ වුන් ද යුදෙව් වූවන් ද කිතුනුවන් ද සාබිඊන් වරුන් ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළ අය ට තම පරමාධිපති අබියසින් වූ ඔවුන් ගේ ප්රතිඵල ඔවුන ට ඇත. ඔවුන ට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නෝ ද නොවෙති.
තෆ්සීර්
මෙම සමූහයා අතුරින් දෙවියන් විශ්වාස කළවුන්හටද මුහම්මද් තුමාගේ පැමිණීමට පෙර පැවති සමූහයන් අතර සිටි යුදෙව් කිතුනු හා සාබිඊවරුන් -අල්ලාහ් හා මතුලොව පිළිබඳ විශ්වාසය තහවුරු කරමින් ඇතැම් නබිවරුන් පිළිපැද්දා වූ පිරිස- අතුරින් දෙවියන් විශ්වාස කළවුන්හටද ඔවුන්ගේ පරමාධිපති අභියස ඔවුනට නියමිත කුසල් ඇත. මතුලොව මුහුණ දෙන්නට යන කරුණු පිළිබඳ ඔවුන්හට කිසිදු බියක් නැත. එමෙන්ම මෙලොව මගහැරුණු දෑ පිළිබඳව ඔවුන් දුකට පත්වන්නේ ද නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න