සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:65
وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَوْا مِنْكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ
සෙනසුරාදාවෙ හි නුඹලා අතුරින් සීමාව ඉක්මවා ගියවුන් (ට සිදු වූ විපාකය) පිළිබඳ ව නුඹලා මැනවින් දන්නෙහු ය. එවිට අපි නුඹලා අවමානය ට ලක් වූ වඳුරන් වනු යැයි පැවසුවෙමු.
තෆ්සීර්
සැබැවින්ම නුඹලාට පෙර සිටි එක් පරම්පරාවක තොරතුරු මනා ලෙස නුඹලා දන්නෙහුය. එහි කිසිදු ඇන්දවීමක් නැත. දඬයම් කිරීමට තහනම් කරනු ලැබූ සෙනසුරාදා දින ඒ ගැන නොතකා ඔවුහු දඬයම් කරමින් සීමාව ඉක්මවා කටයුතු කළෝය. එයට ඔවුන් කූට ලෙස සෙනසුරා දිනට පෙර දින දැල් එලා ඉරු දින දැලට හසු වූ මත්සයින් ගොඩට ගත්තෝය. මෙසේ කූට ලෙස කටයුතු කළ ඔවුනට ඔවුන්ගේ කූටකම හේතුවෙන් දඬුවම් වශයෙන් නෙරපා හරිනු ලබන වඳුරන් බවට අල්ලාහ් ඔවුන් පත් කළේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න