සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:59

فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنْزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ

එවිට අපරාධ කළවුන් ඔවුන ට පවසනු ලැබූ දෑ නොවන වෙනත් වදනක් හරවා පැවසූහ. එවිට අපරාධ කළවුන් ට ඔවුන් කලහකම් කරමින් සිටි හේතු වෙන් අහසින් ව්‍යසනයක් අපි පහළ කළෙමු.

තෆ්සීර්

නමුත් ඔවුන් අතර අපරාධකළවුන් එම යහපතට එරෙහිව කටයුතු කළෝය. නියමිත ප්රකාශය විකෘති කොට පැවසුවෝය. ඔවුන් පසුපසින් කකුල්ගාමින් පිවිසුණෝය. ‘හබ්බතුන් ෆී ෂඃරතින්’ -රෝමයක ඇති බීජය යනුවෙන්- අල්ලාහ්ගේ නියෝගය හාස්යයට ලක් කරමින් පිවිසුණෝය. අල්ලාහ්ගේ නියෝගයට ඔවුන් එරෙහි වූ බැවින් ද ආගමික නීති රාමුවෙන් බැහැර වූ බැවින් ද ඔවුන් අතර වූ එම අපරාධකරුවන් වෙත එහි ප්රතිවිපාකය වශයෙන් අහසින් දඬුවමක් අල්ලාහ් පහළ කළේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න