සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:60

۞ وَإِذِ اسْتَسْقَىٰ مُوسَىٰ لِقَوْمِهِ فَقُلْنَا اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ ۖ فَانْفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ ۖ كُلُوا وَاشْرَبُوا مِنْ رِزْقِ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

තව ද මූසා තම ජනයා වෙනු වෙන් ජලය පැතූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹ නුඹ ගේ සැරයටියෙන් ගල ට ගසනු යැයි අපි පැවසුවෙමු. එවිට උල්පත් දොළොසක් එයින් පිපිරී මතු විය. සෑම ජන සමූහයක් ම ඔවුන් පානය කළ යුතු ස්ථානය දැන ගත්හ. නුඹලා අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් අනුභව කරනු. තව ද පානය කරනු. කලහ කරන්නන් ලෙස මහපොළොවේ සීමාව ඉක්මවා සැරි නොසරනු.

තෆ්සීර්

‘අත්තීහ්’ නම් ප්රදේශයේ නුඹලා සිටි කල්හි නුඹලාට දැඩි පිපාසයක් ඇති විය. මූසා නබිතුමා තම පරමාධිපතිට කණ්ණලව් කරමින් නුඹලා වෙනුවෙන් ජලය සපයන මෙන් නුඹලා ඔහුගෙන් ඉල්ලා සිටියහ. එවිට ඔහුගේ සැරයටියෙන් නියමිත ගලට ගසන මෙන් අපි ඔහුට නියෝග කළෙමු. ඔහු එසේ ගසන කල්හි නුඹලාගේ ගෝත්රවල ප්රමාණයට අනුව උල්පත් දොළොසක් මතු විය. ඉන් ජලය උනන්නට පටත් ගත්තේය. ඔවුන් අතර කිසිදු ගැටුමක් ඇති නොවනසේ සෑම ගෝත්රයක් වෙනුවෙන්ම වෙන්කළ පැන් බොන නිශ්චිත ස්ථානය අපි ඔවුනට පැහැදිලි කළෙමු. නුඹලා අනුභව කරනු. කිසිදු ශ්රමයකින් හෝ කැපවීමක් තොරව නුඹලා වෙත පහළ කළ ජලයෙන් පානය කරනු. නුඹලා මිහිතලයේ කලහකාරීන් ලෙස සැරි නොසරනු. මෙලෙස පවසා අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාදය ගැන ද නුඹලා සිතා බලනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න