සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:58

وَإِذْ قُلْنَا ادْخُلُوا هَٰذِهِ الْقَرْيَةَ فَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُولُوا حِطَّةٌ نَغْفِرْ لَكُمْ خَطَايَاكُمْ ۚ وَسَنَزِيدُ الْمُحْسِنِينَ

එවිට අපරාධ කළවුන් ඔවුන ට පවසනු ලැබූ දෑ නොවන වෙනත් වදනක් හරවා පැවසූහ. එවිට අපරාධ කළවුන් ට ඔවුන් කලහකම් කරමින් සිටි හේතු වෙන් අහසින් ව්‍යසනයක් අපි පහළ කළෙමු.

තෆ්සීර්

‘නුඹලා බයිතුල් මුක්ද්දිසයට පිවිසෙනු. එහි ඇති යහපත් දෑ නුඹලා කැමති තැනක කැමති පරිදි ඇතිතරම් සතුටින් අනුභව කොට භුක්ති විදිනු. නුඹලා එහි පිවිසෙන විට, අල්ලාහ්ට යටහත් වන්නන් ලෙස හිසනමා, ‘අපගේ පරමාධිපතියණනි, ‘හිත්තතුන්’ අපගේ පව් අපගෙන් මකා දමනු මැනව!’ යැයි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කොට පිවිසෙනු. ‘අපි නුඹලාට පිළිතුරු දෙන්නෙමු. ඔවුන්ගේ කටයුතුවලදී යහපත් අයුරින් ක්රියා කළවුනට ඔවුන් කළ යහපතට වඩා අධික වශයෙන් කුසල් පිරිනමන්නෙමු’ යැයි අල්ලාහ් නුඹලාට පවසමින් ආශිර්වාද කළ අවස්ථාව සිහිපත් කරනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න