සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:37
فَتَلَقَّىٰ آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ ۚ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) හැදෑරුවේ ය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තයා ය.
තෆ්සීර්
පසුව ආදම් තමන් වෙත අල්ලාහ් ඉගැන් වූ වදන් කිහිපයක් ගෙන ප්රාර්ථනා කරන්නට විය. එය සූරා අල් අඃරාෆ් හි 23 වන වැකියේ මෙසේ සඳන් වේ. ‘ඔවුන් දෙදෙනා මෙසේ පැවසීය: අපගේ පරමාධිපතියාණනි, අපි අපටම අපරාධ කරගෙන ඇත්තෙමු. ඔබ අපට සමාව දී කරුණාව නොදැක්වූයේ නම්, සැබැවින් අපි පරාජ වන්නන් අතරට පත්වෙමු.’ අල්ලාහ් ඔහුගේ පශ්චාත්තාපය පිළිගෙන ඔහුට සමාව දුන්නේය. සුවිශුද්ධ අල්ලාහ් තම ගැත්තන්හට අසීමිත ලෙස සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් වෙත මහත් කාරුණිකය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න