සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:38
قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا ۖ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
නුඹලා සියල්ලෝ ම එයින් පහළ ට බසිනු. මාගෙන් නුඹලා ට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන් ට බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත යැයි අපි පැවසුවෙමු.
තෆ්සීර්
ඔවුනට අපි මෙසේ පැවසුවෙමු: 'නුඹලා සියලු දෙනා ස්වර්ගයෙන් පොළොවට බසිනු. මාගේ දූතවරුන් වෙතින් කවර මඟ පෙන්වීමක් නුඹලා වෙත පැමිණ, පසු ව එය කවුරුන් පිළිපැද මාගේ දූතවරුන් විශ්වාස කර සිටියේ ද ඔවුනට මතුලොවෙහි බියවන්නට හේතුවක් නැත. මෙලොව ඔවුනට අතපසු වූ දෑ කෙරෙහි ඔවුහු දුකට ද පත් නොවෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න