සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:36

فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ ۖ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَىٰ حِينٍ

එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනා ව එයින් ලිස්සා හැරෙව්වේ ය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනා ව බැහැර කළේය. තව ද නුඹලා පහළ ට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු ට සතුරු ය. නුඹලා ට කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි අපි පැවසුවෙමු.

තෆ්සීර්

ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කොඳුරමින් දකින දෑ අලංකාරවත් කරමින් සිටියේය. අවසානයේ අල්ලාහ් අනුභව කිරීමට තහනම් කළ එම ගසින් ඔවුන් දෙදෙනා අනුභව කරන්නට ඔහු සැලැස්වීය. ඔවුන් දෙදෙනා පෙරළා වැරදි කරන්නට විය. එහි ප්රතිවිපාක වශයෙන් ඔවුන් දෙදෙනා සිටි ස්වර්ගයෙන් අල්ලාහ් ඔවුන් බැහැර කළේය. පසුව අල්ලාහ් ඔවුන් දෙදෙනා හා ෂයිතාන් දෙස බලා: ‘නුඹලා මහපොළොවට බසිනු. නුඹලා අතැමෙක් ඇතැමෙකුට සතුරන් වනු ඇත. මිහිතලයේ නුඹලාගේ ආයුෂ අවසන් වී අවසන් හෝරාව පැමිණෙන තෙක් යහපත් දෑ භුක්ති විදීමටත් නුඹලාගේ වාසස්ථාන හා නවාතැන් තනා ගැනීමටත් අවස්ථාව ඇත’ යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න