සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:35

وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ

තව ද අහෝ ආදම්! නුඹ ද නුඹ ගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස ට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු.

තෆ්සීර්

අහෝ ආදම්! ඔබ ඔබේ බිරිය හව්වා සමග ස්වර්ග උයනේ වාසය කරනු. ස්වර්ගයේ කැමති තැනක කැමති දෙයක් කිසිදු බාධාවකින් තොරව ඇතිතරම් ආහාරයට ගනු. නමුත් ආහාර අනුභවයට මා තහනම් කළ එම ගස අසළට ඔබ දෙදෙනා යෑමෙන් මම අවවාද කර සිටිමි. එසේ මා ඔබට නියෝග කර සිටි දෑ පිටුපෑවෙහු නම් නුඹලා දෙපළ අපරාධකරුවන් බවට පත්වනු ඇතැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න