සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:34
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
නුඹලා ආදම් ට නමස්කාර කරනු යි අප පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝම) නමස්කාර කළහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තව ද ඔහු දේව ප්රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය.
තෆ්සීර්
සැබැවින්ම ආදම්ට නමස්කාර කරන මෙන් මලක්වරුන්ට තමන් අණ කර සිටි බව අල්ලාහ් විස්තර කරයි. එය ආචාර කිරීමේ හා ගරුකිරීමේ නමස්කාරයකි. එවිට ඔවුහු අල්ලාහ්ගේ අණ පිළිපඳිමින් ඔහුට නමස්කාර කරන්නට යුහුසුළු වූහ. නමුත් ජින් වර්ගයාගෙන් වූ ඉබ්ලීස් හැර. ඔහු ආදම් සම්බන්ධයෙන් උඩඟුකම් පා, නමස්කාර කිරීමේ අල්ලාහ්ගේ නියෝගයට පිටුපා, ඉන් වැළකී සිටියේය. ඔහු උත්තරීතර අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් අතුරින් විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න