සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:33
قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ ۖ فَلَمَّا أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ
අහෝ ! ආදම්, ඒවායෙ හි නාමයන් ඔවුන ට දන්වනු යැයි ඔහු පැවසීය. ඔවුන ට ඔහු ඒවායෙ හි නාමයන් දැන් වූ කල් හි. අහස් හි හා මහපොළොවේ ගුප්ත ය සැබැවින් ම මම දනිමි. තව ද නුඹලා හෙළිදරව් කරන දෑ ද නුඹලා වසං කරමින් සිටින දෑ ද මම දනිමි යැයි නොකීවෙම් ද?
තෆ්සීර්
එම අවස්ථාවේ අල්ලාහ් ආදම් වෙත: ‘නම් තැබූ මේවායෙහි නාම ඔබ ඔවුනට දන්වා සිටින්නැ’යි පැවසීය. ඔහුගේ පරමාධිපති ඔහුට ඉගැන් වූ පරිදි ඔවුනට ඔහු දන්වා සිටි කල්හි, අල්ලාහ් මලක්වරු දෙස බලා: ‘මහපොළොවේ හා අහසේ සැගවුණු දෑ පිළිබඳ මා මැනවින් දන්නා බවත් ඔබ හෙළිකරන ඔබගේ තත්ත්වයන් හා ඔබ තුළ රහසිගතව කතා කරන දෑ පිළිබඳ මා මැනවින් දන්නා බවත් මම ඔබට නොකීවෙම්දැයි විමසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න