සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:32

قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا ۖ إِنَّكَ أَنْتَ الْعَلِيمُ الْحَكِيمُ

ඔබ සුපිවිතුරු ය. ඔබ අප ට ඉගැන් වූ දෑ හැර වෙන කිසිදු දැනුමක් අප ට නොමැත. සැබැවින් ම ඔබ සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත ය.

තෆ්සීර්

මලක්වරු තමන්ගේ අඩුව පිළිගනිමින් එම මහිමය අල්ලාහ් වෙත යොමු කරමින්, අපගේ පරමාධිපතියාණනි, ඔබගේ පිළිවෙත හා නියමය තුළ ඔබට විරෝධය පෑමෙන් අපි ඔබ ව පිවිතුරු කරන්නෙමු. ඔබට ගරුබුහුමන් කරන්නෙමු. ඔබ අපට පිරිනැමූ දැනුම මිස වෙනත් කිසිවක් අපි නොදනිමු. සැබැවින්ම ඔබ සර්වඥානීය. ඔබ වෙත කිසිවක් සැඟවෙන්නේ නැත. ඔබ මහා ප්රඥාවන්තය. ඔබේ නියමය හා ඔබේ පිළිවෙත අනුව සියලු කරුණු නිසි තැන ඔබ තබනු ඇත. යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න