සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:30
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً ۖ قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ ۖ قَالَ إِنِّي أَعْلَمُ مَا لَا تَعْلَمُونَ
තව ද නුඹ ගේ පරමාධිපති මලක් වරුන් හට සැබැවින් ම මම මහපොළොවේ නියෝජිත (පරම්පරාවක්) පත් කරන්න ට යමි යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබ ව ඔබ ගේ ප්රශංසාව තුළින් පිවිතුරු කරමින් ඔබ ව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තව ද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැයි ඔවුහු පැවසූහ. නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
සැබැවින්ම අල්ලාහ් මලක්වරුන් දෙස බලා මෙසේ පැවසූ බව දන්වා සිටියි: ‘තමන් වෙත අවනතභාවය නගා සිටුවන්නට මහපොළොවේ පිරිසකගෙන් පසු තවත් පිරිසක් නියෝජනය කරන මිනිස් වර්ගයක් බිහි කරන්නට යමි.’ යැයි අල්ලාහ් පැවසීය. එවිට මලක්වරු තම පරමාධිපති දෙස බලා: ‘මහපොළොවේ නියෝජනය සඳහා ප්රචණ්ඩත්වය පතුරුවාලන අපරාධකාරී ලෙස රුධිරය හළන මිනිස් පරපුරක් මවන්නට යෑමේ යථාර්ථය ගැන -තමන් දැනගන්නටත් එය වටහාගන්නටත්- අල්ලාහ්ගෙන් එසේ ප්රශ්න කරමින් ‘අපි ඔබට අවනත වන පිරිසක් වෙමු. ඔබ ප්රශංසාවට ලක් කරමින් පිවිතුරු කරන්නෙමු. ඔබේ කීර්තියට හා පූර්ණත්වයට ගරු කරන්නෙමු. අපි එයින් විඩාවට පත් නොවෙමු. යැයි පැවසුවෝය. එවිට අල්ලාහ් ‘සැබැවින්ම ඔබ නොදන්නා, ඔවුන් මැවීමේ යථාර්ථය හා ඔවුන් නියෝජනයට පත් කිරීමෙහි අරමුණ පිළිබඳ මම මැනවින් දනිමි.’ යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න