සූරා 2 · ජුස් 1

Al-Baqarah · 2:29

هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ ۚ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

නුඹලා වෙනුවෙන් මහ පොළොවේ ඇති සියල්ල මැව්වේ ඔහු ය. පසු ව අහස දෙසට හැරී ඒවා අහස් හතක් ලෙස සැකසුවේ ය. තව ද ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානී ය.

තෆ්සීර්

අල්ලාහ් ඒකීයය. ඔහු මහපොළොවේ ඇති ගංගා ගහකොළ මෙන්ම ගැණිය නොහැකි වෙනත් ආශිර්වාද කොපමණක් නුඹලා වෙනුවෙන් මවා තිබේද? ඒවායින් නුඹලා ප්රයෝජන ලබන්නෙහුය. නුඹලාට වසග කර දුන් දැයින් නුඹලා භුක්ති විඳින්නෙහුය. පසුව ඔහු අහසට නැගී සමාන අහස් හතක් මැව්වේය. ඔහුගේ ඥානය සියලු දෑ ග්රහණය කර ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න