සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:28
كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنْتُمْ أَمْوَاتًا فَأَحْيَاكُمْ ۖ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හැක්කේ කෙසේ ද? නුඹලා අජීවී ව සිටිය දී නුඹලා ට ඔහු ප්රාණය දුන්නේ ය. පසු ව නුඹලා ව ඔහු මරණය ට පත් කරන්නේ ය. පසු ව නුඹලා ට ඔහු (යළි) ප්රාණය දෙන්නේ ය. පසු ව ඔහු වෙත ම නුඹලා (නැවත) යොමු කරනු ලබන්නෙහු ය.
තෆ්සීර්
අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි, සැබැවින්ම නුඹලාගේ කරුණනම් පුදුමසහගතය. නුඹලා තුළ ඇති ඔහුගේ බලය පෙන්වා දෙන සාධක නුඹලා දෑසින් දැක දැකම නුඹලා අල්ලාහ් ප්රතික්ෂේප කරනුයේ කෙසේද? සැබැවින්ම නුඹලා කිසිවක් කියන්නට තරම් වස්තුවක් ලෙස නොසිටිය දී නුඹලාව ඔහු මවා නුඹලාට ජීවිය ලබා දුන්නේය. පසු ව දෙවන වරටත් ඔහු නුඹලාව මරණයටපත් කොට පසු ව යළි දෙවන වරටත් නුඹලාට ඔහු පණ දෙන්නේය. නුඹලා කල් ඇතිව මෙලොව සිදු කළ දෑ වෙනුවෙන් නුඹලාගෙන් විනිශ්චය කරනු පිණිස ඔහු වෙත නුඹලා යොමු කරනු ලබන්නෙහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න