සූරා 2 · ජුස් 1
Al-Baqarah · 2:27
الَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ ۚ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
ඔවුහු කවරහු ද යත් අල්ලාහ් ගේ ගිවිසුම, එය තහවුරු කිරීමෙන් පසු කඩ කරන, ඥාතී සම්බන්ධ කම් පැවැත්වීම පිළිබඳ ව අල්ලාහ් නියෝග කළ දෑ විසන්ධි කරන, මහපොළොවේ කලහකම් කරන අය වෙති. ඔවුහුම ය අලාභවන්තයෝ.
තෆ්සීර්
එම කුහකයෝ ඔහුට පමණක් නැමදීමටත් පෙර නබිවරුන් දන්වා සිටි ඔහුගේ අවසන් දූතයාණන් පිළිපැදීමටත් ඔහු ඔවුන් සමඟ ඇති කර ගත් ගිවිසුම කඩ කළෝය. අල්ලාහ්ගේ ගිවිසුම් හෙළා දකින මොවුහු ඥාතී සම්බන්ධකම් මෙන් අල්ලාහ් සම්බන්ධකම් ඇති කර ගන්නට නියම කළ සම්බන්ධකම් බිද දමන මහපොළොවේ පාපකම් සිදු කොට ප්රචණ්ඩත්වය පතුරුවාලන්නට උත්සහ දරන පිරිසක් යැයි වර්ණනා කරමින් පවසයි. එහෙයින් මෙලොව හා මතුලොව ඔවුන් ලබන කොටසින් පාඩු විඳින්නෝ ඔවුහුමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න