සූරා 2 · ජුස් 3
Ayat ad-Dayn · Al-Baqarah 2:282
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَدَايَنْتُمْ بِدَيْنٍ إِلَىٰ أَجَلٍ مُسَمًّى فَاكْتُبُوهُ ۚ وَلْيَكْتُبْ بَيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ ۚ وَلَا يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللَّهُ ۚ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ وَلَا يَبْخَسْ مِنْهُ شَيْئًا ۚ فَإِنْ كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لَا يَسْتَطِيعُ أَنْ يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ ۚ وَاسْتَشْهِدُوا شَهِيدَيْنِ مِنْ رِجَالِكُمْ ۖ فَإِنْ لَمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّنْ تَرْضَوْنَ مِنَ الشُّهَدَاءِ أَنْ تَضِلَّ إِحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الْأُخْرَىٰ ۚ وَلَا يَأْبَ الشُّهَدَاءُ إِذَا مَا دُعُوا ۚ وَلَا تَسْأَمُوا أَنْ تَكْتُبُوهُ صَغِيرًا أَوْ كَبِيرًا إِلَىٰ أَجَلِهِ ۚ ذَٰلِكُمْ أَقْسَطُ عِنْدَ اللَّهِ وَأَقْوَمُ لِلشَّهَادَةِ وَأَدْنَىٰ أَلَّا تَرْتَابُوا ۖ إِلَّا أَنْ تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلَّا تَكْتُبُوهَا ۗ وَأَشْهِدُوا إِذَا تَبَايَعْتُمْ ۚ وَلَا يُضَارَّ كَاتِبٌ وَلَا شَهِيدٌ ۚ وَإِنْ تَفْعَلُوا فَإِنَّهُ فُسُوقٌ بِكُمْ ۗ وَاتَّقُوا اللَّهَ ۖ وَيُعَلِّمُكُمُ اللَّهُ ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
අහෝ ! විශ්වාස කළවුනි, නියමිත කාලයක් දක්වා වූ ණයක් සම්බන්ධයෙන් නුඹලා ණය ගනු දෙනු කර ගන්නෙහු නම් එය ලේඛන ගත කරනු. නුඹලා අතර ලේඛකයකු එය සාධාරණ ලෙසින් ලියා ගත යුතුය. තවද ලේඛකයා අල්ලාහ් තමන්ට ඉගැන් වූ අයුරින් ලිවීමට ප්රතික්ෂේප නොකළ යුතුය. එබැවින් (ඒ අනුව) ඔහු ලිවිය යුතුය. වගකීම පැවරුණු අය එය ලිවීම පිණිස කියවිය යුතුය. ඔහු තම පරමාධිපති වන අල්ලාහ්ට බිය බැතිමත් විය යුතුය. තවද ඉන් කිසිවකින් වංචා නොකළ යුතුය. වගකීම පැවරුණු අය අවබෝධයක් නොමැත්තෙකු හෝ දුර්වලයෙකු හෝ ලිවීම සඳහා කියවීමට නොහැකි ව හෝ සිටියේ නම් ඔහුගේ භාරකරු සාධාරණ ලෙසින් කියවිය යුතුය. තවද නුඹලාගේ පුරුෂ පාර්ශවයෙන් සාක්ෂි කරුවන් දෙදෙනකු සාක්ෂි වශයෙන් තබනු. පුරුෂ පාර්ශවයෙන් දෙදෙනෙකු නොවූයේ නම් එක් පුරුෂයෙකු හා සාක්ෂිකරුවන් ගෙන් නුඹලා පිළිගන්නා අය අතුරින් ස්ත්රීන් දෙදෙනෙකු විය යුතුය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට වැරදුනු විටක ඔවුන් දෙදෙනාගෙන් අනෙක් තැනැත්තිය එය මතක් කර දිය හැකිය. කවර දෙයක් වෙත කැඳවනු ලබන්නේ ද එවිට සාක්ෂිකරුවන් (එය) ප්රතික්ෂේප නොකළ යුතුය. සුළු හෝ මහා (පරිමාණයේ) දෙයක් වුව ද නියමිත කලක් දක්වා එය ලිවීමට උදාසීන නොවනු. එයයි අල්ලාහ් අබියස ඉතා යුක්ති සහගත වන්නේ, සාක්ෂියට ද වඩා බලවත් වන්නේ. එමෙන්ම නුඹලා සැක නොසිතීමට ද වඩා සමීප වන්නේ, නමුත් නුඹලා අතර සිදුවන ක්ෂණික ව්යාපාරයක් හැර. එවිට එය ලේඛනගත නොකිරීම නුඹලා කෙරෙහි වරදක් නොවන්නේය. නමුත් නුඹලා ගනු දෙනු කරන විට නුඹලා ම පෙනී සිටින්න. නමුත් ලේඛකයා හා සාක්ෂිකරු පීඩාවට පත් නොවිය යුතුය. එසේ නුඹලා සිදු කරන්නෙහු නම් එවිට සැබැවින්ම එය මහා පාපයකි. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. අල්ලාහ් නුඹලාට උගන්වන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥානීය.
තෆ්සීර්
අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව පිළිපදින්නනි! නුඹලා අතර කිසිවකු විසින් කිසිවකුට නියමිත කල් ණයක් ලබා දෙමින් ගනුදෙනු වල නිරත වන්නේ නම් එම කල් ණය පිළිබඳ සටහන් කරනු. එය ආගමානුකූල ව එයට ගැළපෙන පරිදි සත්යය හා සාධාරණ ලියන්නකු විසින් නුඹලා ඉදිරියේ සටහන් කළ යුතුය. යුක්තිය හා සාධාරණය පිළිබඳ අල්ලාහ් තමන්හට කවර දැයක් උගන්වා ඇත්තේ ද එයට අනුකූල ව එසේ සටහන් කරන්නා එම ණය ලිවීමෙන් කිසිවෙකු වැළැක්විය නොයුතුය. වගකීම කවුරුන් වෙත පැවරෙන්නේද ඔහු ගැන සැලකිල්ලට ගෙන ඔහු පිළිගන්නා අයුරින් ලියන්නා විසින් ලිවිය යුතුයි. ඒ සම්බන්ධයෙන් ඔහු අල්ලාහ්ට බැතිමත් විය යුතුයි. ණය හා සම්බන්ධ ව එකඟ වූ ප්රමාණයෙහි, වර්ගයෙහි හා ක්රමයෙහි කිසිදු අඩුවක් නොකළ යුතුයි. වගකීම පැවරුණු අයට එම ගනුදෙනු ව යහපත් අයුරින් ඉටු කළ නොහැකි වී නම් හෝ ඔහු කුඩා වයසේ පසුවීම හා උමතුභාවය වැනි හේතුන් නිසා දුර්වල තත්ත්වයේ පසුවන්නේ නම් හෝ ගොලු වැනි ශරීර ඌණතාවක් හේතුවෙන් හෝ එය පියවීමට නොහැකිවී නම් හෝ ඔහු වෙනුවෙන් වගකීම් දරන්නන් යුක්තිගරුක ව හා සාධාරණ ලෙසින් එම ණය පියවීමට ඉදිරිපත් විය යුතුය. යුක්තිගරුක බුද්ධිය ඇති පිරිමින් දෙදෙනෙකු ඒ සඳහා සාක්ෂිකරුවන් වශයෙන් පත් කර ගත යුතුය. පිරිමින් දෙදෙනෙකු නොලැබුණු විටෙක එක් පිරිමියකු හා ඔවුන්ගේ දහම හා වගකීම පිළිබඳ නුඹලා තෘප්තියට පත්වන එක් කාන්තාවකට අමතක වූ විට අනෙක් කාන්තාව විසින් මතක් කර දිය හැකි අයුරින් කාන්තාවන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස පත් කර ගනු. ණයක් සම්බන්ධ ව සාක්ෂියට ඔවුන් ඇරයුම් කරනු ලබන විට එම සාක්ෂිය නොවැළැක්විය යුතුය. ඒ සඳහා ඇරයුම් කරනු ලබන විට එයට පෙනී සිටීම ඔවුන්ගේ වගකීම වන්නේය.සටහන් කළ නියමිත ගිවිසුමෙන් නුඹලා නැඹුරු නොවිය යුතුයි. ණය පිළිබඳ ලියා තබා ගැනීම අල්ලාහ්ගේ දහම තුළ වඩාත් සාධාරණ එකක් වන්නේය. සාක්ෂි ඉදිරිපත් කිරීමටත් එය ඉටු කිරීමටත් වඩාත් සුදුසු වන්නේය. ණය වර්ගය එහි ප්රමාණය හා එහි කාලය සම්බන්ධ ව ඇති වන සැකය දුරු කිරීමටත් වඩාත් යෝග්ය වන්නේය.නමුත් නුඹලා අතර පවතින ව්යාපාර ගිවිසුම අත්පිට මුදලක් හෝ අත්පිට භාණ්ඩයක් සම්න්ධයෙන් නම් ලිවීමේ අවශ්යතාවක් එහි ඇති නොවන බැවින් එය අතහැර දැමීමේ වරදක් නැත. එසේ සාක්ෂි දැරීම නුඹලාට ආගමානුගත කර ඇත්තේ ගැටලු ඇති කරන හේතූන් හා තත්ත්වයන් වැළැක්වීම සඳහාය. ලේඛන ගත කරන්නන් හා සාක්ෂිකරුවන් කිසිවකු නුඹලා විසින් හිංසා පීඩාවට පත් නොකළ යුතුය. එමෙන්ම ඔවුන් එසේ ලිවීමටත් සාක්ෂි දැරීමටත් ඉල්ලා සිටින්නා ද හිංසාවට පත් නොවිය යුතුය. නුඹලා අතර කිසිවකු එසේ හිංසා පීඩා ඇතිි කරන්නේද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වී තම පාපය වෙත යොමු වන්නේය. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි! අල්ලාහ් නුඹලාට කවර කරුණක් අණ කර තිබේද ඒවා පිළිපදිමින් කවර කරුණක් නුඹලාට තහනම් කර තිබේද නුඹලා ඒවායින් වැළකී සිටිමින් නුඹලා අල්ලාහ්ට බිය වනු. එහි නුඹලාගේ මෙලොව හා මතු ලොව ජීවිතයේ ඇති යහපත පිළිබඳ අල්ලාහ් නුඹලාට උගන්වන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න
ඔබේ භාෂාවෙන් තෆ්සීර්
අරාබි තෆ්සීර්