සූරා 2 · ජුස් 3
Al-Baqarah · 2:281
وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللَّهِ ۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
එහි නුඹලා ව අල්ලාහ් වෙත නැවත යොමු කරනු ලබන දිනයක් ගැන නුඹලා බියබැතිමත් වනු. පසුව සෑම ආත්මයකටම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලබන්නේය. තවද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය.
තෆ්සීර්
නුඹලා සියලු දෙනා අල්ලාහ් වෙත යළි හැරී යන දිනයේ දඬුවමට නුඹලා බිය වනු. එදින නුඹලා ඔහු ඉදිරියේ සිටගෙන සිටිනු ඇත. පසු ව සෑම ආත්මයක්ම ඔහු ඉපැයූ හොඳ නරකට අනුව ප්රතිඵල පිරිනමනු ලබනු ඇත. ඔවුන් ඉපැයූ යහපත් කුසල් කිසිවක අඩුවක් ඇති කරමින් හෝ ඔවුන් සිදු කළ නපුරුකම් සඳහා වූ දඬුවමට වඩා කිසිවක් වැඩි කරමින් හෝ ඔහු අසාධාරණ තත්ත්වයට පත් නොකරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න