සූරා 2 · ජුස් 3
Al-Baqarah · 2:280
وَإِنْ كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَىٰ مَيْسَرَةٍ ۚ وَأَنْ تَصَدَّقُوا خَيْرٌ لَكُمْ ۖ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
(ණය ගත්) ඔහු දුෂ්කරත්වයෙන් පෙළෙන අයෙකු නම් එවිට පහසුකම් ඇති වන තෙක් අවකාශයක් (ලබා දිය යුතුව) ඇත. නමුත් නුඹලා (එය) දානයක් ලෙස පිරිනැමීම නුඹලාට යහපතය. නුඹලා (ඒ බව) දැන සිටියෙහු නම්.
තෆ්සීර්
නුඹලා ණය ගැත්තෙකුගෙන් පිරිනැමූ ණය ඉල්ලා සිටියදී ඔහු එය පියවීමට නොහැකි දුෂ්කර තත්ත්වයේ පසුවන්නේ නම් ඔහුට මුදල් පහසුකම් ලැබ ණය පියවීමට හැකි තත්ත්වයක් උදාවන තෙක් එසේ ඉල්ලා සිටීම ප්රමාද කරනු. ණය ඉල්ලා සිටීම අතහැර දමමින් හෝ ඉන් කොටසක් ඔහුගෙන් ඉවත් කරමින් දානයක් ලෙස එය පිරිනමන්නේද ඒ සඳහා අල්ලාහ් අබියස ඇති භාග්යය පිළිබඳ නුඹලා දන්නෙහු නම් එය නුඹලාට වඩාත් උතුම් වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න