සූරා 2 · ජුස් 3

Al-Baqarah · 2:283

۞ وَإِنْ كُنْتُمْ عَلَىٰ سَفَرٍ وَلَمْ تَجِدُوا كَاتِبًا فَرِهَانٌ مَقْبُوضَةٌ ۖ فَإِنْ أَمِنَ بَعْضُكُمْ بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ ۗ وَلَا تَكْتُمُوا الشَّهَادَةَ ۚ وَمَنْ يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ

නුඹලා ගමනක සිටිය දී ලේඛනගත කරන්නෙකු නුඹලා නොලැබුවෙහු නම් එවිට උකසක් අත්පත් කර ගන්න. නමුත් නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු ව විශ්වාස කළේ නම් විශ්වාස කරනු ලැබූ අය ඔහුගේ වගකීම ඉටු කරත්වා ! තවද ඔහුගේ පරමාධිපතිට බියබැතිමත් වෙත්වා ! තවද නුඹලා සාක්ෂිය වසන් නොකරනු. කවරෙකු එය වසන් කරන්නේ ද එවිට සැබැවින්ම ඔහුගේ හදවත පාපීය. තවද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

තෆ්සීර්

නුඹලා ගමනක නිරතව සිට ණය ගිවිසුම ලියන්නට කිසිදු ලේකකයෙකු නුඹලාට නොලැබුණේ නම් ණය හිමියාහට උකසට යමක් ලබා දී ණය ගැත්තා එය ලබා ගැනීම ප්රමාණවත් වන්නේය. පිරිනමනු ලබන එම උකස් භාණ්ඩය ණය ගැත්තා ණය පියවීමේ වගකීම සඳහා ඇපයක් වනු ඇත. නමුත් නුඹලා එකිනෙකා අතර දැඩි විශ්වාසයෙන් පසුවන්නේ නම් ලිවීමක් හෝ සාක්ෂියක් හෝ උගසක් හෝ අවශ්ය වන්නේ නැත. එවිට ණය ගැත්තන්ගේ භාරයේ පවතින වගකීමක් ලෙස එම ණය පත් වනු ඇත. ඔහුගේ එම ණය පියවා දැමීම ඔහුට අනිවාර්යය වේ. එම වගකීම සම්බන්ධයෙන් අල්ලාහ්ට බිය විය යුතුය. කිසිදු වංචාවක් සිදු නොකළ යුතුය. එසේ යම් කිසි වංචාවක් සිදු කළේ නම් ගනුදෙනු සඳහා ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් මත පැවරෙනු ඇත. එය ඔහු සැඟවීම සුදුසු නැත. කවරෙකු එය වසන් කරන්නේද සැබැවින්ම එවැනි අයකුගේ හදවත පාපී හදවතක් වන්නේය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න