සූරා 2 · ජුස් 3

Al-Baqarah · 2:264

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَىٰ كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا ۖ لَا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِمَّا كَسَبُوا ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

විශ්වාස කළවුනි, නුඹලාගේ දානයන් කියා පෑමෙන් හා පීඩා ඇති කරමින් නිෂ්ඵල කර නොගනු. එය තම ධනය මිනිසුන්ගේ ප්‍රදර්ශනයට වියදම් කරන අයෙකු මෙනි. තව ද ඔහු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නොකරන්නේය. එබැවින් ඔහුට උපමාව ලිස්සන ගල් කන්දක උපමාව ය. ඒ මත පස් ඇත. එවිට ඒ මත මහා වර්ෂාවක් පතිත විය. එහෙයින් එය මුඩු බවට අත හැර දැමීය.ඔවුන් උපයන දැයින් කිසිවක් මත ඔවුහු ශක්තිය නොදරන්නෝය. තව ද අල්ලාහ් ප්‍රතික්ෂේප කළ ජනයාට මඟ පෙන්වන්නේ නැත.

තෆ්සීර්

අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි. දානලාභියාට තම දානය ගැන කියාපාමින් හා ඔහුට වේදනාව ගෙන දෙමින් නුඹලා පිරිනැමු නුඹලාගේ දානයේ කුසල් අහිමි කර නොගනු. මෙලෙස කටයුතු කරන්නාට උපමාව වනුයේ, තම දානය මිනිසුන්හට පෙන්වීමේ අරමුණින් හා ඔවුන් ඔහු ප්රශංසා කිරීමේ අරමුණින් තම ධනය වියදම් කරන්නෙකු මෙනි. ඔහු අල්ලාහ් හා පරමාන්ත දිනය ද එහි ඇති කුසල් අකුසල් ගැනද විශ්වාස නොකළා වූ දෙවියන් ප්රතික්ෂේප කරන්නෙකි. එයට උපමාව මතුපිටින් පස් ආවරණය වූ මුඩු ගලක් මෙනි. ධාරානිපාත වර්ෂාවක් එම ගල මතට පතිත වෙයි. මතුපිටින් වසා තිබූ පස් තට්ටුව එම ගලින් ඉවතට යයි. එය කිසිවක් නොමැති මුඩු ගලක් බවට පත් වෙයි. මූණිච්චාවට සිදු කරන්නන්හට මුහුණ දෙන්නට සිදු වන්නේද එලෙසමය. ඔවුන්ගේ ක්රියාවන්හි හා ඔවුන් වියදම් කළ ධනයේ කුසල් පහ ව යනු ඇත. ඔවුන්හට අල්ලාහ් අබියස ඉන් කිසිවක් ඉතිරි නොවනු ඇත. අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන්හට තමන් තෘප්තියට පත් වන ඔවුන් කළ ක්රියාවෙන් හා ඔවුන් කළ දානයෙන් ඔවුනට ප්රයෝජනවත් වන දෑ වෙත මඟ පෙන්වන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න