සූරා 2 · ජුස් 3

Al-Baqarah · 2:265

وَمَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَتَثْبِيتًا مِنْ أَنْفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِنْ لَمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා තම ආත්මය ස්ථාවරවත් කරමින් තම ධන සම්පත වියදම් කරන්නවුනට උපමා ව උස් තැනිතලාවක ඇති උයනක් මෙනි ය. එයට මහා වර්ෂාවක් ඇති විය. එහෙයින් එය එහි ආහාරය දෙගුණයක් බැගින් ගෙන ආවේය. නමුත් එසේ එයට මහා වර්ෂාවක් ඇති නොවී සුළු වර්ෂාවක් වුව ද ප්‍රමාණවත් ය. තව ද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

තෆ්සීර්

අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑවක් යැයි සිත් ස්ථාවරයට පත් කර ගනිමින් කිසිදු අකමැත්තකින් තොර ව තම වස්තුව වියදම් කරන දේව විශ්වාසවන්තයින්ට උපමාව සාරවත් උස් තැනිතලාවක පිහිටි වතුයායකි. එයට ධාරානිපාත වැස්සක් හට ගනී. බවභෝග ගුණ කර දෙයි. ධාරානිපාත වැස්සක් නොලැබී පොද වැස්සක් ලැබුණත් එම සාරවත් පොළවට එය සෑහෙයන්නේය. අවංක සිත් ඇත්තන් කරන වියපැහැදම්ද එලෙසමය. එය ස්වල්ප වශයෙන් පිහිටිය ද අල්ලාහ් එය පිළිගනී. එහි ප්රතිඵල ගුණ කර පිරිනමයි. නුඹලා සිදු කරන දෑ අල්ලාහ් නිරීක්ෂා කරමින් සිටියි. අවංක ව දන් දෙන්නන් හා මූණිච්චාවට දන් දෙන්නන්ගේ තත්ත්වයන් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සෑම දෙයකටම ගැළපෙන පරිදි ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න