සූරා 2 · ජුස් 3

Al-Baqarah · 2:262

الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى ۙ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර පසුව ඔවුන් වියදම් කළ දෑ කියා පෑමක් හෝ (එමගින්) පීඩා කිරීමක් හෝ අනුගමනය නොකරන්නවුන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ වේතනය ඇත. ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තව ද ඔවුන් දුකට පත්වන්නේ ද නැත.

තෆ්සීර්

අල්ලාහ්ට අවනත වෙමින් ඔහුගේ තෘප්තිය උදෙසා කවරෙකු තම ධනය වියදම් කොට පසු ව ඔවුන් වියදම් කළ දෑ වෙනුවට එහි කුසල් අහිමි කරන කියාවන් සිදු නොකරන්නේද (එනම් කළ දෑ මිනිසුන්හට වචනයෙන් හෝ ක්රියාවෙන් කියා නොපන්නේද) ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් සතු කුසල් ඇත. ඔවුන් මුහුණ දෙන දෑ පිළිබඳ ඔවුන් තුළ කිසිදු බියක් ඇති නොවන්නේය. ඔවුන්ට හිමි ආශිර්වාදයන් සඳහා ඔවුන් ගරුබුහුමන් කළ බැවින් ගෙවී ගිය දෑ පිළිබඳ දුකට පත් වන්නේද නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න