සූරා 2 · ජුස් 3

Al-Baqarah · 2:261

مَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ ۗ وَاللَّهُ يُضَاعِفُ لِمَنْ يَشَاءُ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමාව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්‍ය සියයක් තිබේ. තව ද අල්ලාහ් තමන් අභිමත කරන අයට ප්‍රගුණ කරයි. තව ද අල්ලාහ් සර්ව ව්‍යාපක ය සර්ව ඥානී ය.

තෆ්සීර්

අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව වියදම් කරන දේව විශ්වාසකයින්ට හිමි කුසලට උපමාව වනුයේ සාරවත් භූමියක් තුළ ගොවියා පැළ කරන ධාන්ය ඇටයකි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලකම ධාන්ය සියයක් බැගින් හට ගනී. එසේ අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන් හට ගුණ කොට කුසල් පිරිනමනු ඇත. කිසිදු ගණන් බැලීමකින් තොර ව ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට දෙනු ඇත. අල්ලාහ් මහත් භාග්ය සම්පන්නය. ත්යාගශීලීය. ගුණකර දෙනු ලබන්නට සුදුස්සන් කවරුන්ද යන වග ඔහු මැනවින් දන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න