සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:232
وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ أَنْ يَنْكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْا بَيْنَهُمْ بِالْمَعْرُوفِ ۗ ذَٰلِكَ يُوعَظُ بِهِ مَنْ كَانَ مِنْكُمْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۗ ذَٰلِكُمْ أَزْكَىٰ لَكُمْ وَأَطْهَرُ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ
තවද නුඹලා බිරියන් ව දික්කසාද කළේ නම් එවිට ඔවුන්ගේ (ඉද්දා හි) අවසන් කාලය ළඟා වූ විට ඔවුන් අතර සමතයක් ඇති වේවි යැයි ඔවුන් තෘප්තියට පත් වන්නේ නම් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සමඟ ඔවුන් නැවත විවාහ දිවියට යෑම පිළිබඳ ව නුඹලා ඔවුන් ව නොවැළැක්විය යුතුය. එය නුඹලා අතුරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කළවුනට මෙමගින් උපදෙස් දෙනු ලැබීමකි. එය නුඹලාට පාරිශුද්ධ ය, වඩා පිවිතුරු ය. තවද අල්ලාහ් දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
තෆ්සීර්
වාර තුනකට වඩා අඩුවෙන් දික්කසාදය ප්රකාශ කොට ඔවුන්ගේ පොරොත්තු කාලය ද අවසන් වී නොමැති නම් නව ගිවිසුමක් තුළින් ඇයගේ සැමියා වෙත නැවත පවුල් ජීවිතය ගත කරන්නට ඔවුන් ප්රිය කරන්නේ නම් ඔවුන්ගේ භාරකරුවන් වන නුඹලා විසින් නොවැළැක්විය යුතුයි. එසේ ඔවුන් නොවළක්වන ලෙස ඇතුළත් මෙම නීතිය අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන්හට මෙනෙහි කිරීමකි. එය නුඹලා අතර වඩාත් යහපත ගෙන දෙන්නකි. සියලු කරුණු වල යථාර්ථය හා අවසානය අල්ලාහ් මැනවින් දනියි. නමුත් නුඹලා ඒ ගැන නොදන්නෙහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න