සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:233
۞ وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَاعَةَ ۚ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَهُ بِوَلَدِهِ ۚ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَنْ تَرَاضٍ مِنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدْتُمْ أَنْ تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُمْ مَا آتَيْتُمْ بِالْمَعْرُوفِ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
තවද කිරි දීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කළ අයෙකු වෙනුවෙන් මව්වරු තම දරුවන්ට සම්පූර්ණ දෙවසරක් කිරි පොවන්නෝය. ඔවුන්ගේ පෝෂණයත් ඔවුන්ගේ වස්ත්රත් යහ අයුරින් පිරිනැමීම දරුවා සතු අය (පියා)ගේ වගකීම ය. කිසිදු ආත්මයක් තම ශක්තියේ ප්රමාණයට මිස පවරනු නොලැබේ. මව තම දරුවා හේතුවෙන් හා දරුවා සතු අය (පියා) තම දරුවා හේතුවෙන් පීඩා කරනු නොලැබේ. මෙලෙස උරුමක්කරුටත් පැවරේ. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව හා පිළිගැනීම අනුව මව් කිරි නතර කිරීමට අපේක්ෂා කළේ නම් එසේ සිදු කිරීම ඔවුන් දෙදෙනාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ට කිරි පොවා ගැනීමට නුඹලා අපේක්ෂා කළේ නම් නුඹලා දෙන දෑ යහපත් අයුරින් නුඹලා ලබා දී එසේ සිදු කර ගැනීම නුඹලා වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක බව නුඹලා දැන ගනු.
තෆ්සීර්
මව්වරු තම දරුවන්හට පූර්ණ වසර දෙකක් කිරි පොවනු ඇත. එම වසර දෙකක සීමාව කිරි පෙවීමේ කාලය සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන්නන්හටය. දික්කසාද කරනු ලැබූ කිරි දෙන මව්වරුන්ගේ වියදම හා ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් වල වියදම ෂරීආ නීතියට පටහැණි නොවන සේ ජනයා අතර පිළිගැනීමට ලක් ව ඇති ක්රමවේදයකින් පිරිනැමීම දරුවාගේ පියාගේ වගකීමකි. කිසිදු ආත්මයක් එය දරා ගත හැකි ප්රමාණයට හා ශක්තියේ ප්රමාණයට මිස කිසිවක් අධික ලෙස පටවනු නොලබන්නේය. මව් පියන් එකිනෙකාට හිංසා කරනු පිණිස තම දරුවන් මාධ්යයක් බවට පත් කර නොගත යුතුයි. පියකුගේ යුතුකම් ඉටු විය යුතු පසුබිමක දරුවකු සිටියදී තම පියා අහිමි වූ තත්ත්වයේ පිය වගකීම ඉටු කළ හැකි උරුමක්කරු වෙත ඔහුගේ එම වගකීම පැවරෙනු ඇත. දෙමව්පියන් දෙදෙනාම වසර දෙකක් කිරි පෙවීම සම්පූර්ණ කිරීමට මත්තෙන් දරුවාට ආහාර කවන්නට අපේක්ෂා කළේ නම් ඔවුන් දෙදෙනාට එහි වරදක් නැත. එය දරුවාට යහපතක් ගෙන දෙන පරිදි ඔවුන්දෙදෙනාගේ සාකච්ඡාවෙන් හා ඔවුන් දෙදෙනාගේ එකඟතාවෙන් පසු ව සිදු විය යුත්තකි. මව්වරු හැර වෙනත් කිරිදෙන මව්වරු ලවා නුඹලාගේ දරුවන්හට කිරි පොවන්නට නුඹලා අපේක්ෂා කරන්නේ නම් එම මව්වරුන්හට වර්තමානයට ගැළපෙන වටිනාකමක් නියම කොට එහි කිසිදු අඩුවක් හෝ ප්රමාදකින් තොර ව එම මුදල භාර දී එසේ කිරි පොවා ගැනීම වරදක් නැත. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව නුඹලා කටයුතු කරනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂණය කරන බව දැන ගනු. එහෙයින් ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. නුඹලා පෙර කළ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න