සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:231
وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ ۚ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًا لِتَعْتَدُوا ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ وَلَا تَتَّخِذُوا آيَاتِ اللَّهِ هُزُوًا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ وَمَا أَنْزَلَ عَلَيْكُمْ مِنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُمْ بِهِ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
තවද නුඹලා බිරියන් ව දික්කසාද කොට ඔවුන්ගේ (ඉද්දා හි) අවසන් කාලය ළඟා වූයේ නම් එවිට නුඹලා ඔවුන් යහ අයුරින් රඳවා ගනු. එසේ නොමැති නම් යහ අයුරින් මුදවා හරිනු. සීමාව ඉක්මවා කටයුතු කිරීම පිණිස පීඩාකාරී ලෙස ඔවුන් ව රඳවා නොගනු. කවරෙක් එසේ කරන්නේ ද ඔහු තමන්ටම අපරාධ කර ගත්තේය. තවද අල්ලාහ්ගේ වදන් විහිළුවට නොගනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදය ද දේව ග්රන්ථයෙන් හා ප්රඥාවෙන් නුඹලා වෙත පහළ කළ දෑ ද මෙනෙහි කරනු. ඔහු එමඟින් නුඹලාට උපදෙස් දෙන්නේය. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානී බව නුඹලා දැන ගනු.
තෆ්සීර්
නුඹලාගේ බිරියන් නුඹලා දික්කසාද කළ විට ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වීමට පෙර ඔවුන් තම සමීපයට ගන්න. ඔවුන් නැවත පවුල් ජීවිතයට ඇතුළක් කර ගැනීමට හෝ ඔවුන් යහපත් අයුරින් මුදවා හැරීමට හෝ අවසරය ඇත. ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වූයේ නම් නැවත ගෙන්වා ගත නොහැකි වන්නේය. අඥාන ජනයා සිදු කරන්නාක් මෙන් ඔවුනට එරෙහි ව සතුරුකම් පෑමේ හෝ හිංසා කිරීමේ අරමුණින් නැවත ගෙන්වා නොගන්න. ඔවුන්ට හිංසා පීඩා කිරීමේ අරමුණින් කවරෙකු එසේ ගෙන්වා ගන්නේද පාපය හා දඬුවමට ලබන්නට සුදුස්සෙකු බවට පත් ව ඔහු තමන්ටම අපරාධ කර ගත් අයෙකු වන්නේය. අල්ලාහ්ගේ වදන් සෙල්ලමට නොගන්න. එයට එරෙහි ව කටයුතු නොකරන්න. නුඹලා වෙත අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාද සිහිපත් කරන්න. ඒ අතර නුඹලා පහළ කළ කුර්ආනය හා සුන්නා හෙවත් නබි චරිතය වඩාත් උතුම් වන්නේය. නුඹලාට කැමැත්ත හා ආශාව ඇති කළ අයුරින් ඔහු නුඹලාට මෙනෙහි කරයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බියෙන් කටයුතු කරන්න. සෑම දෙයක් පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා බවත් ඔහුට කිසිවක් නොසැගවෙන බවත් නුඹලා කළ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමන බවත් දැනගන්න.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න