සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:150
وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِي وَلِأُتِمَّ نِعْمَتِي عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ
තවද නුඹ කොතැනක සිට පිට ව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත ම හරවනු. තවද ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර නුඹලාට එරෙහි ව ජනයිනට සාධකයක් නොවනු පිණිස නුඹලා කොතැනක සිටිය ද නුඹලා නුඹලාගේ මුහුණු ඒ දෙසටම හරවනු. එබැවින් නුඹලා ඔවුනට බිය නොවනු. මටම බිය වනු. තවද මම මාගේ දායාදයන් නුඹලාට පරිපූර්ණ කරන්නෙමි. නුඹලා යහ මඟ ලබන්නට හැකිය.
තෆ්සීර්
අහෝ නබිවරය, ඔබ කවර ස්ථානයකින් පිට ව ගියද සලාතය ඉටු කරන්නට සිතන්නේ නම් එවිට මස්ජිදුල් හරාම් දිශාවට මුහුණලන්න. එමෙන්ම දෙවියන් විශ්වාසකළවුනි, නුඹලා ද සලාතය ඉටු කරන්නට සිතන්නේ නම් නුඹලාගේ මුහුණු ද ඒ දෙසට මුහුණලන්න. එය නුඹලාට එරෙහිව අභියෝග කරන්නට ජනයාට සාධකයක් නොවනු පිණිසය. නමුත් ඔවුන් අතර අපාරධ කළවුන් ඔවුන්ගේ හිතුවක්කාරකම් මත රැදී සිටිති. වඩාත් සැකසහිත සාධක නුඹලා වෙත ගෙනැවිත් අභියෝග කරති. එහෙයින් නුඹලා ඔවුනට බිය නොවනු. නුඹලාගේ පරමාධිපති නුඹලාට අණ කර ඇති නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් ඔහුට පමණක් බිය වනු. නුඹලා සෙසු සමූහයන්ගෙන් වෙන් කර දැක්වීම තුළින් නුඹලා වෙත අල්ලාහ්ගේ ආශිර්වාද සම්පූර්ණ කර ඇති බැවින්ද ජනයාට වඩාත් ගෞරවනීය දිශාවක් වෙත නුඹලා මග පෙන්වා ඇති බැවින්ද කඃබාව මුහුණලෑම සැබැවින්ම අල්ලාහ් ආගමානුගත කර ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න