සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:149
وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۖ وَإِنَّهُ لَلْحَقُّ مِنْ رَبِّكَ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
තවද නුඹ කොතැනක සිට පිට ව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය (වූ කඃබාව) වෙත හරවනු. සැබැවින්ම එය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්යයක්ම ය. තවද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් නොසලකා හරින්නෙකු නොවේ.
තෆ්සීර්
අහෝ! නබිවරය, ඔබ හා ඔබගේ අනුගාමිකයින් කවර ස්ථානයකින් පිට ව ගියද කවර ස්ථානයක සිටියද සලාතය ඉටු කිරීමට සිතන්නේ නම් මස්ජිදුල් හරාම් වෙත මුහුණලා ඉටු කරන්න. හේතුව ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත දැනුම් දී ඇති සත්යය එය වන බැවිනි. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඒ කෙරෙහි ඔහු නීරීක්ෂණය කරමින් සිටියි. ඒ වෙනුවෙන් ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න