සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:148
وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
සෑම කෙනෙකුට ම ඔහු ඒ කෙරෙහි හැරෙන දිශාවක් ඇත. එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා කොතැනක සිටිය ද අල්ලාහ් නුඹලා සියල්ල ගෙන එනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
තෆ්සීර්
සෑම සමූහයකටම ආධ්යාත්මික වශයෙන් හෝ භෞතික වශයෙන් හැරෙන දිශාවක් ඇත. ඔවුන්ගේ කිබ්ලා දිශාවෙහි හා අල්ලාහ් ඔවුනට ආගමානුගත කළ දෑහි පවතින වෙනස්කම් ඒ අතුරින් වන්නේය. අල්ලාහ්ගේ නියෝගයක් හෝ ඔහුගේ පිළිවෙතක් වී නම් ඔවුන්ගේ දිශාවන් කවර වෙනස්කම් වලින් පැවතුණ ද කිසිදු හානියක් නැත. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, ඉටු කරන්නට නියෝග කරනු ලැබූ ක්රියාවන් ඉටු කිරීම සඳහා තරඟ වදිනු. නුඹලා කවර ස්ථානයක සිටියද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු පිණිස ඔහු නුඹලා ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලය ඇත්තාය. නුඹලාගේ සියලු දෙනා එක් වුව ද ඔහු ව පරාජය කළ නොහැක. ඔහු හැර නුඹලාට වෙනත් මගක් නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න