සූරා 2 · ජුස් 2
Al-Baqarah · 2:151
كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولًا مِنْكُمْ يَتْلُو عَلَيْكُمْ آيَاتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُعَلِّمُكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ
නුඹලාට අපගේ වදන් පාරායනය කර නුඹලා ව පිවිතුරු කර නුඹලාට දේව ග්රන්ථය හා ප්රඥාව උගන්වා නුඹලා නොදැන සිටි දෑ නුඹලාට උගන්වන නුඹලා අතුරින්ම වූ ධර්ම දූතයෙකු නුඹලා වෙත අපි යැව්වාක් මෙනි..
තෆ්සීර්
වෙනත් ආශිර්වාද නුඹලා වෙත අප ආශිර්වාද කළාක් මෙන්ම නුඹලා වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන; යහපත හා මහිමයන්ගෙන් කවර දෙයක් නුඹලාට ඔහු අණ කර සිටින්නේද එමගින් හා නින්දිත හා පිළිකුල් සහගත දැයින් කවර කරුණකින් නුඹලා ව ඔහු වළක්වන්නේද එමගින් නුඹලා පිරිසිදු කරන අල් කුර්ආනය හා දූත පිළිවෙත නුඹලාට උගන්වන නුඹලාගේ ආගමික හා ලෞකික කටයුතු අතරින් නුඹලා කවර දෙයක් ගැන නොදැන සිටියේද එවන් දෑ නුඹලාට උගන්වන නුඹලා අතර සිටින දූතයකු අපි නුඹලා වෙත යැව්වෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න