සූරා 19 · ජුස් 16
Maryam · 19:97
فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنْذِرَ بِهِ قَوْمًا لُدًّا
එසේ නුඹගේ බසින්ම අපි එය පහසු කරනුයේ එමගින් නුඹ බිය බැතිමතුන්හට ශුභාරංචි දැන්වීමට හා මුරණ්ඩු ජනයා වෙත එමගින් නුඹ අවවාද කිරීමටය.
තෆ්සීර්
අහෝ දූතය! සැබැවින්ම අපි මෙම අල් කුර්ආනය ඔබේ බසින්ම පහළ කර ඇත්තේ මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකී මට බැතිමත්ව කටයුතු කරන්නන්හට ඔබ ශුභාරංචි දන්වනු පිණිසය. එමෙන්ම සත්යය දැන ගැනීමේදි තර්ක කිරීමෙහි හා අහංකාරභාවයෙහි දැඩි ව සිටි ජනයාහට ඔබ බිය ගන්වනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න